What is SEF

Sustainable Education Foundation (SEF) කියන්නෙ මොකක්ද?

සරලවම කිවුවොත් තිරසර අධ්‍යාපනයක් සඳහා වන පදනම කියන එක තමයි Sustainable Education Foundation කියන්නෙ. තිරසාර කියන වචනයේ තේරුම ඔබ නොදන්නවා නොවෙයි. නමේ අර්ථයෙන් කියනව වගේම අපේ අරමුණ අධ්‍යාපනයේ තිරසාර බව. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපනය ලැබීමේ අයිතිය හැමදෙනාටම නොමිලේ සහ පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව වර්ධනය කරන්න. ඒ වර්ධනය නොකඩවා අඛණ්ඩව සිදුකරමින් සාම්ප්‍රදායික අධ්‍යාපන මාධය වලින් නොලැබෙන දැනුම හා ආකල්පමය වර්ධනයක් අති කරන්න. ඒ අරමුණ ඇතිව දැනට අපි කරගෙන යන facebook live session වලින් තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු විෂයන්ගේ දැනුම බෙදාගැනීමක් වෙනවා. අනාගතයේදි වෙනත් අංශවල session ඉදිරිපත් කරන්න අපි සූදානම්.

පටන්ගත්තෙ ඇයි කොහොමද.

SEF founder අක්ෂික හා මොරටු විශ්ව ව්ද්‍යාලයේ මිතුරන් පිරිසක් එක්ක Google Summer of Code හා Google Products ගැන දැනුවත් කරන්න ලංකාව පුරා physical sessions පැවැත්වුවා. කාලයත් එක්ක කාර්යබහුලත්වය මෙවැනි session සඳහා ඇතිවුන

ඉල්ලුමත් එක්ක ඔහු කල්පනා කලා Physical session පැවැත්විම වෙනුවට කාලයත් ශමයත් මුදලුත් ඉතිරිවෙන ආකාරයට virtual sessions පවත්වන්න. හැමෙදෙනකුම බහුලවම භාවිත කරන හා නොමිලේ ලබාගතහැකි facebook පාවිච්චි කර සජිවිව තොරගත් කථිකයෙකු තමන්ගෙ දේශනය සිදුකිරිමත් ඉන් පසුව ප්‍රශ්න හා පිළිතුරු වටයකට අවස්තාව දිමත් සිදු වුනා. මේ වනවිට ලංකාවේ ප්‍රචලිත හා ප්‍රවීන තොරතුරු තාක්ෂණ වෘත්තීකයන් බොහෝ දෙනෙක් තමන්ගේ වෘත්තීය දැනුම බෙදාහදාගන තිබෙනවා.

ස්වේච්ඡා සමාජිකයන්

පොඩි කණ්ඩායමකින් පටන්ගත්ත SEF මේ වන විට 50ක වගේ විශාල ස්වේච්ඡාකණ්ඩායමක් දක්වා වර්ධනය උනා. මේ වනවිට ශ්‍රීලංකාවේ සෑම විශ්ව විද්‍යාලයක්ම ආවරණය කරමින් අපි ආරම්භ කරපු Student Ambassador Programme එකෙන් ස්වේච්ඡා සාමජිකන් අපිත් සමග සම්බන්ධවලා ඉන්නවා. ඔවුන් ලංකාවෙ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දැනුම බෙදා හදා ගැනීමේ අපේ අරමුණුවලට සක්‍රීයව කරන උදව්ව මතක් කළ යුතුමයි. ඒ හැරුණු විට තවත් ආයතන හා කණ්ඩායම් රාශියක් අපේ අරමුණු වෙනුවෙන් දක්වන සහයෝගය මතක් කළ යුතුමයි.

අපි සමග සම්බන්ධවෙන්න

හැමෙදනාටම තත්වයෙන් උසස් අධ්‍යයාපනයක් (Quality Education for All) කියන අරමුණෙන් පටන් ගත් SEF අනාගතයේදී තවත් අළූත් මුහුණුවරකින් විවිධත්වයකින් ඒ අරමුන ඉටුකරගැනීමට කටයුතු කරනවා. ඔබත් අපෙ අරමුණු වෙනුවෙන් උනන්දුවක් දක්වන කෙනෙක්නම් අපේ facebook page එකෙන් අපි දැනට කරන දේ ගැන අදහසක් ගන්නත් අපිට කතාකරන්නත් පුලුවන්. ඔබත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්නම් Student Ambassador Programme එක හරහා අපි සමග සම්බන්ධවෙන්න කියන ආරාධනයත් කරන්න කැමතියි.

Follow us on Facebook !

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

Sustainable Education Foundation
Sustainable Education Foundation

Written by Sustainable Education Foundation

We empower students, education institutes and education as a whole in Sri Lanka.

No responses yet

Write a response